පුඤ්ඤකිරියවත්ථු පෝද්දල දේශනාව – අලුත් පොත

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය මැයි 21 පොද්දල පැවැත්වූ දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘පුඤ්ඤකිරියවත්ථු ’ නම් පිටු 49 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 25 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය

කතරගම කිරිවෙහෙර විභජ්ජවාද වැඩසටහන

මේ වැඩසටහන භික්ෂූන් වහන්සේලා 1000 ක ගේ සහභාගිත්වයෙන් කතරගම කිරිවෙහෙර අසල 2018-08-11 දින පැවැත්වේ. එහි වැඩසටහන් විස්තරය පහතින් ලබා ගන්න.

මහනුවර අස්ගිරියේදී පැවති විභජ්ජවාද පටිගත කිරීම

2018-07-08 දින මහනුවර අස්ගිරියේදී පැවති විභජ්ජවාද දෙවැනි වැඩසටහනේදී සුදස්සන හිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනාව පහතින් භාගත කරගන්න. දුර්මත ප්‍රචාරය කරන පිරිස තුන් නිකායෙන්ම නෙරපන්නට මෙහිදී මහනාහිමි වරුන්ගෙන් ඉල්ලීමක් කෙරේ. අනිවාර්යයෙන්ම සවන් දෙන්න. මේ දේශනාව අප වෙත ලබාදුන් සුමන හිමියනට මේ ධර්ම දානමය පින අයත්වේ.

2018-07-08 මහනුවර විභජ්ජවාද වැඩසටහන

එම දේශනාවේ කොටසක වීඩියෝ එක මෙතැනින් බලන්න.

ත්‍රිපිටක android app ලබාගන්න

මුදල් වියදම් නොකරම ත්‍රිපිටකය දන් දීම දුර්ලභ අවස්ථාවක්. android app ජංගම දුරකථන වල install කර දෙන්න.

  1. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය (පාලි/සිංහල) -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.buddhajayanthi
  2. සරල සිංහල ත්‍රිපිටකය -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.saralatipitaka
  3. පාලි සිංහල ශබ්දකෝෂය -> https://play.google.com/store/apps/details?id=lk.pitaka.dictionary
  4. බුද්ධ ජයන්ති සිංහල ත්‍රිපිටකය -> https://play.google.com/store/apps/details?id=com.thripitakaya.lucky.thipitak

මැයි 12 පිංකමේ සියලු වීඩියෝ දර්ශන

2018 මැයි 12 සුදස්සන හිමියන්ගේ උපන්දිනය ඇතුළු තවත් උතුම් අරමුණු රැසක් මුල් කරගෙන රුවන්වැලි සෑ රජුන් ඉදිරියේ පැවැත්වූ සියලු වැඩසටහන් සහ දේශනා වල වීඩියෝ පටිගත කිරීම් අපවෙත ලැබී ඒවා අපගේ Path Nirvana Youtube Channel එකට එක් කරන ලදී. ඒ වීඩියෝ පට ලබාදුන් කුමාර කස්සප හිමියන්ටද, ඒවා අපවෙත එවූ හර්ෂ සිරිවර්ධන මහතාටද මේ ධර්ම දානමය පින අයත්වේ. සියලු දේශනා සහ වැඩසටහන් නරඹන්න.

  1. උදාසන දේශනාව – මාන්කඩවල සුදස්සන හිමි
  2. දහවල් දේශනාව – නාබිරිත්තන් කඩවර ඥානරතන හිමි
  3. සවස දහම් කතිකාවත – මෙහෙයවීම මාන්කඩවල නන්දරතන හිමි
  4. රාත්‍රී දේශනාව – මාන්කඩවල සුදස්සන හිමි
  5. පූජා පෙළහර – කංචුකය පැළඳවීම, පෙරහැර සහ වෙනත් පින්කම්

මාතර පැවැත්වූ දේශනාව

2018-06-06 දින මාතර මුණිදාස මහතාගේ නිවසේදී පැවැත්වූ දේශනාවේ පටිගත කිරීම අප වත ලැබී ඇත. එය අප වෙත එවූ හර්ෂ සහ රොෂාන් මහත්වරුන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

2018-06-06 මාතර මුණිදාස මහතාගේ නිවසේ දේශනාව

නව දේශනාවක් සහ ‘අප්‍රමාදී වන්න’ අලුත් පොත

සුදස්සන හිමියන් විසින් ගාල්ලේ දී පවත්වන ලද පිනෙහි වැදගත්කම දැක්වෙන දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී ඇත. එය පහතින් ලබාගන්න. එය අප වෙත එවූ සුමන හිමියනට මේ ධර්ම දානමය පින අයත්වේ. Update on 2018-06-02: රොෂාන් මහතා විසින් මුළු දේශනාව එවන ලදී.

2018-05-21 ගාල්ල – පින සහ කුසලය

‘අප්‍රමාදී වන්න’ අලුත් පොත

පූජ්‍යපාද  මාන්කඩවල  සුදස්සන  හිමිපාණන්  විසින්  දේශිත  ධර්ම  දේශනා  ත්‍රිත්වයක්  ඇතුලත්  කොට , හෝමාගම පදිංචි  ජනක  ලියනගේ  මැතිතුමා  විසින්  සකස්  කොට  බෙදාහරින  ලද  “දහම්  ඇස ”  ධර්ම  ග්‍රන්ථයේ පළමු දේශනාව  ලෙසින්  ඇති  “අප්‍රමාදී  වන්න”  නමැති  දේශනාව එලෙසින්ම  ඒ  නමින්ම  ග්‍රන්ථයක්  ලෙස  මුද්‍රණය කිරීමට  කටයුතු  සුදානම්  කොට  ඇත . 

මෙම  දේශනාව  පමණක්  පොතකට  ගැනීමට  හේතු කාරනා  වුයේ  උපමා  රූපක  සහිතව  ඉතා  සරලව බොහෝ දෙනාට හිතසුව  පිණිස  ඕනෑම  අයෙකුට  පරිශීලනය  සදහා  සිත්  පහල  වන  බැවිනුත්, අනවරාග්‍ර  වූ  සසරේ අතරමංව සසර පරතෙරක්  සොයන්නට  සිත්  පහල  නොවූ  සහ  සසර  පරතෙරක් සොයන්නට  සිත්  පහල  වී  ඇතත් නිවැරදි දර්ශනය තවම  හමු  නොවූ  ප්‍රමාදී  අසරණ  ලෝක  සත්වයා  අප්‍රමාදී   කරවනු  පිණිස  ඔවුන්වම  ඉලක්ක කොට ඔවුන්ට ප්‍රවේශයක්  ලබාදීමට  මෙම  ග්‍රන්ථය  ඊට  පිටුවහලක්  වෙතැයි අපේක්ෂා  කල  බැවිනි .

පොතේ අන්තර්ජාල සංස්කරණය. “අප්‍රමාදී  වන්න”  නමින්  යුත්  මෙම  පොත  මුද්‍රණය  සදහා  කටයුතු  සුදානම්  කොට  ඇති  අතර  පරිශීලනය පිණිස සහ  ධර්ම  දානය  පිණිස  ලබාගැනීමට  විමසන්න. 

පොතක  මුද්‍රිත  වැය  රු. 25 /= කි . විමසීම : (1). K.G. මුනිදාස – 071 – 4438747     (2). R.T. සමරරත්න – 071 – 3030300 

ධම්මසංගනී විවරණය පොත් දෙක සහ ඉදිරියේ පැවැත්වෙන දේශනාවක්

ධම්මසංගනී විවරණය පොත් දෙකේ අන්තර්ජාල සංස්කරණ අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මේවා අපවෙත ලබාදුන් කුමාර් ප්‍රනාන්දු මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

  1. ධම්මසංගනී විවරණය ප්‍රථම භාගය
  2. ධම්මසංගනී විවරණය දෙවන භාගය

සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් මේ මස 20 වැනි ඉරිදා දින ගම්පහදී පැවැත්වේ. වැඩි විස්තර පහත දැන්වීමේ කියවන්න.

නව දේශනා, පොත සහ පිංකමේ ඡායාරුප

සුදස්සන හිමියන්ගේ 50 වන ජන්මදිනය සහ අධර්මය පරාජය කිරීමේ අරමුණු පෙරදැඩිව අනුරාධපුර රුවන්වැලිසෑය අභියස පැවැත්වූ පිංකම් මාලාව ඉතා සාර්ථකව අවසන් විය. ඒ පිංකමේ ඡයාරුප මෙතැනින් නරඹන්න.

ඒ පින්කමේදී භික්ෂූන් වහන්සේලා 2000 ක් අරභයා සුදස්සන හිමියන් විසින් පැවැත්වූ දේශනාව පහතින් ලබාගන්න

2018-05-12 රුවන්වැලිසෑය අභියස රාත්‍රී ධර්ම දේශනාව

ජාතික වෙසක් දින උත්සවය වෙනුවෙන් උන්වහන්සේ පැවැත්වූ දේශනාව පහතින් ලබාගන්න

2018-04-29 වෙසක් පෝ දින දේශනාව – හේතු ඵල ධර්මය

එම දේශනාවට අදාළ වීඩියෝ පටය අප විසින් YouTube එකට එකතු කරන ලදී. එය මෙතැනින් නරඹන්න.

එම දේශනාවම යතුරු ලියනය කර මාතර මුණිදාස මහතා විසින් පොත් පිංචක් සකස් කර ඇත. මුද්‍රණ වියදම රු 17 වන එහි පිටපත් විශාල ප්‍රමාණයක් අවශ්‍ය අය එතුමාට දැනුම් දෙන්න. 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (pdf) මෙතැනින් ගන්න

අලුත් පොත සහ වීඩියෝව

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් මෑතකදී පවත්වන්නට යෙදුන විචිත්‍ර ධර්ම දේශණා හතරක් පිටපත් කර සමිරු ගයාන් මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘න තුම්හාකං’ නම් පිටු 148 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ.

පොතේ අන්තර්ජාල සංස්කරණය

මෙසේ මුද්‍රණය කරන පොත් අතුරෙන් 1000ක් මැයි 12 අනුරාධපුර රුවන්මාලි චෛත්‍ය රාජයා අසල පැවැත්වෙන්නට යෙදෙන මහා පින්කමට පැමිණෙන ස්වාමීන් වහන්සේලා 1000 නමක් උදෙසා පූජා කිරීමටත්, 1000ක් වෙසක් පෝය දින ලබුනෝරුවකන්ද ආරණ්‍යයේදී බෙදා දීමටත් කටයුතු සූදානම් කර ඇත.

පොතක මුද්‍රණ වියදම රු. 97 ක් වෙනවා. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය ලක්මි කුරුප්පු මහත්මියට දැනුම් දෙන්න 0774 969 682. ඇතුලත් කර ඇති දේශනා හතර පහතින්

  1. 2017-12-03 දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී – පංච ස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ දේශනය
  2. 2018-01-31 දින උදෑසන ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී – සක්කපඤ්හ සූත්‍රය ඇසුරින් කෙරෙන දේශනය
  3. 2018-01-31 දින සවස ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී – සම්මා දිට්ඨිය පිළිබඳ දේශනාව
  4. 2018-03-08 දින සරණ පාර CECB හිදී – සතිපට්ඨාන භාවනාව පිළිබඳ දේශනාව

බක් පෝ ධර්මාසන පූජා වීඩියෝව

2018-03-31 බක් පෝ දිනයේදී ලබුනොරුව ආරණ්‍යයේ සිදුවූ ධර්මාසන පූජාවට අදාළ වීඩියෝ පටය එය සංවිධානය කල හර්ෂ මහතා විසින් එවන ලදුයෙන් අප විසින් YouTube එකට එකතු කරන ලදී. එය මෙතැනින් නරඹන්න.

කස්සප හිමියන්ගේ අලුත් පොතක්

කුමාර කස්සප හිමියන්ගේ ධර්ම දේශනාවක් ඇසුරෙන් සැකසුනු “චිරං තිට්ඨතු සද්ධම්මො” නමැති පොත මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් මුද්‍රණයට සුදානම් කර ඇත. පොතක මුද්‍රිත වැය රු 66/=. පොතේ අන්තර්ජාල සංස්කරණය මෙතැනින් ලබාගන්න. පිටපත් අවශ්‍ය අය මුණිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

“ආර්‍ය්‍ය සත්‍ය දර්ශනය” අළුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2018-03-10 දින කිරුලපන පැවැත්වූ ධර්ම දේශනාව ඇතුලත් කරලා කලණ මිතුරු මුනිදාස මහතා සැකසූ අලුත් ධර්ම පුස්තකය ඉතා අඩු මුදලකට මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පොතේ අන්තර්ජාල සංස්කරණය

පිටු 44 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 22/- ක් පමණි. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුණිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

බක් පෝ දින දේශනාව සහ විභජ්ජවාද දේශනා මාලාව

2018-03-31 බක් පෝ දින ලබුනොරුව ආරණ්‍යයේ සිදුවූ ධර්මාසන පූජාව නිමිතිකොට කරන ලද දේශනාව ඒ පිංකම සංවිධානය කල හර්ෂ මහතා විසින් එවන ලදුව පහතින් වෙබ් අඩවියට ඇතුළු කරන ලදී. පිංකම සංවිධානය කල සියලු දෙනාට ධර්ම දානමය පින අයත්වේ.

2018-03-31 ධර්මාසන පූජාව – ලබුනොරුව ආරණ්‍ය

විභජ්ජවාද දේශනා මාලාව

මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ඥාති පුත්‍ර එමෙන්ම ප්‍රධාන ගෝල නමක්ද වන කොත්මලේ කුමාර කස්සප හිමියන් විසින් පවත්වන විභජ්ජවාද දේශනා මාලාව සෑම බදාදා දිනකම රාත්‍රී 9 ට බෞද්ධයා නාලිකාවෙන් විකාශය වේ. ඒ දේශනා මාලාවේ පසුගිය වීඩියෝ පටිගත කිරීම් 5 ක් මේ වන විට අපගේ Youtube Channel එකට එකතු කර ඇත.

දේශනා වීඩියෝ සහ “නිබ්බාණගාමිං පරමං හිතාය” නැවත මුද්‍රණය

2018-03-10 කිරුලපන ශ්‍රී යමුනා සදහම් අරමේදී පැවැත්වූ දේශනාවේ වීඩියෝ පටිගත කිරීම අප වෙත ලැබුණෙන් එය youtube එකට ඇතුළු කරන ලදී. එය මෙතැනින් ලබාගන්න. එය ලබාදුන් චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

“නිබ්බාණගාමිං පරමං හිතාය” පොත නැවත මුද්‍රණය

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමිපාදයන් වහන්සේ විසින් දේශිත, ව්‍යක්ත දේශනා රාශියක් ඇතුලත් කොට පිටු 338 ක් විශාල ග්‍රන්ථය, 2016 ජුනි මස එලි දක්වා ඇතත් එය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරනු ලබන දායකයින් රැසකි. එම ඉල්ලීම සලකා බලා මෙම ග්‍රන්ථය නැවත මුද්‍රණය කිරීමට සුදානම් කර ඇත. පිටපතක මුද්‍රිත වැය රුපියල් 149/=කි. මෙම පොත ලබාගැනීමට අවශ්‍ය අය කරුණාකර විමසන්න -> K. G. මුනිදාස – 071 443 8747

පොතේ අන්තර්ජාල සංස්කරණය pdf (අසෝක මහතාගේ නිවන වෙතටම පොත් 4 එකතුව)

මුද්‍රණය – නුගේගොඩ කොලිටි ප්‍රින්ටර්ස් ආයතනය