Category Archives: News

news items

සදහම් වර්ෂා – ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්නයේ ධර්ම දේශනා

2019-01-08 සිට 2019-03-05 දක්වා පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ හා පූජ්‍යපාද මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඔස්ට්‍රේලියානු හා නවසීලන්නයේදී සිදු කරන සදහම් දේශනා. මේ පනිවිඩය හැකිතාක් බෙදා හරින්න

“මෙතෙරින් එතෙරට” අලුත් පොත

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය 09-24 දින පැවැත්වූ දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘මෙතෙරින් එතෙරට’ නම් පිටු 52 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 30 කි. පිටපත් අවශ්‍ය අය එතුමාට දැනුම් දෙන්න.

පොතේ අන්තර්ජාල සංස්කරණය

කථින පින්කම් ධර්ම දේශනා පටිගත කිරීම්

පසුගිය සති දෙක තුල පැවැත්වූ කථින දේශනා පටිගත කිරීම් පහතින් ලබා ගන්න. එම කථින දේශනා වල වීඩියෝ පටිගත කිරීම් සඳහා අපගේ youtube channel එක වෙත පිවිසෙන්න.

  1. 2018-11-10 ලබුනොරුව කථින පින්කමේ දේශනාව
  2. 2018-10-26 නාවුල කථින පින්කමේ දේශනාව
  3. 2018-10-27 ඉලුප්පුකුලම කථින පින්කමේ දේශනාව
  4. 2018-11-03 බෝවල ධර්ම දේශනාව

මේ ධර්ම දේශනා සහ වීඩියෝ අප වෙත එවූ මහත්ම මහත්මීන් හට මේ ධර්ම දානමය කුසලය අයත් වේ.

ලබුනොරුව කථින පිංකමේ සහ එදින සිදුවූ පැවිදි පිංකමේ චායාරුප මෙතැනින් බලන්න.

සංඛතයෙන් අසංඛතයට අලුත් පොත

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය 10-04 දින කොළඹ සරණ පාරේ පැවැත්වූ විශිෂ්ඨ දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘සංඛතයෙන් අසංඛතයට’ නම් පිටු 40 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 25 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කඨිණ පුණ්‍ය මහෝත්සවය

2018 නොවැම්බර් මස 10 හා 11 යන දෙදින තුල පැවැත්වේ. 
නොවැම්බර් 10 දින රාත්‍රි 07.00 ට අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ⁣විසින් මෙහෙයවන අති දුර්ලභ වූ ශ්‍රී සද්ධර්ම දේශනයක් පැවැත්වේ. පසුදා ( 11) කඨිණ චීවර පූජාව සහ ස්වාමීන්වහන්සේලා 100ක් නමක් වෙත සපිරිකර සහිත සංඝගත දක්ෂිණාව පූජා කිරීම සිදුකෙරේ. පිං කැමති සියලුදෙනාම අප හා එක්වෙත්වා…!

කථින පින්කම් සහ ධර්ම දේශනා 2018

ඉදිරි සතිය තුළ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ මුලිකත්වයෙන් පැවැත්වෙන කථින පින්කම් හතරක් සහ උන්වහන්සේගේ ධර්ම දේශනා හතරක් ගැන විස්තර අප වෙත ලැබී ඇත. හැකිතාක් පින්කම් වලට සහභාගී වන්න.

  1. නොවැම්බර් 10-11 කථින පින්කම ලබුනොරුව අරණ්‍ය. නොවැම්බර් 10 සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව. නොවැම්බර් 11 දවල් දානය ස්වාමින් වහන්සෙලා 100 නමකට. විමසීම් හෝමාගම නාගිත හිමි 0714079712
  2. බලන්ගොඩ වටවල ධම්මහදය අරණ්‍ය (පහත ෆොටෝ එකද බලන්න). නොවැම්බර් 5 සවස 5 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව.
  3. ඔක්තෝබර් 26-27 කථින පින්කම නාවුල විවේක සෙනසුන. ඔක්තෝබර් 26 සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව. ඔක්තෝබර් 27 දවල් දානය ස්වාමින් වහන්සෙලා 75 නමකට. විමසීම් මාන්කඩවල සමාහිත හිමි 0761773629
  4. ඉල්ලුප්පූකුලම ආරණ්‍ය – ඔක්තෝබර් 27 සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව.
  5. 2017 වසරේදී මෙන් මෙවරද බසවක්කුලම ධම්මහදය විහාරයේ කථින පින්කමක් නොපැවැත්වේ.

නව පටිගත කිරීම් සහ වීඩියෝ

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පසුගිය දින කිහිපය තුල පවත්වන ලද ධර්ම දේශනා කිහිපයක පටිගත කිරීම් පහතින් ලබා ගන්න. මේ දේශනා අප වෙත එවූ සියලු දෙනාට විශේෂයෙන්ම දේශප්‍රිය සහ හර්ෂ යන කලනමිතුරු මහත්මාවන් හට මේ ධර්ම දානමය පින අයත්වේ

සමහර දේශනා අපගේ youtube channel එකට පමණක් එක් කරන බැවින් අනිවාර්යයෙන්ම එම වීඩියෝ දේශනා නැරඹීම සඳහා අපගේ youtube channel එකට subscribe වීමෙන් එකතු වෙන්න.

නව පටිගත කිරීම් සහ අලුත් පොත

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පසුගිය දින කිහිපය තුල පවත්වන ලද ධර්ම දේශනා කිහිපයක පටිගත කිරීම් පහතින් ලබා ගන්න. මේ දේශනා අප වෙත එවූ සියලු දෙනාට මේ ධර්ම දානමය පින අයත්වේ

  1. 2018-09-17 ලබුනොරුව භික්ෂු දේශනා 1 – උදැසන
  2. 2018-09-17 ලබුනොරුව භික්ෂු දේශනා 2 – රාත්‍රිය
  3. 2018-09-19 බසවක්කුලම ධම්මහදය ආරණ්‍ය දේශනාව

නිවනේ පණිවිඩය 2 – අලුත් පොත

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය 07-27 ලබුනොරුව පැවැත්වූ දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘පුඤ්ඤකිරියවත්ථු ’ නම් පිටු 40 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 30 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය

ලබුනෝරුව භික්ෂු දේශනා පටිගත කිරීම්

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා 2 ක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මෙයින් ලබුනෝරුව භික්ෂු දේශනාව ඉතා වැදගත් ධර්ම දේශනාවක් බැවින් අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

 

පටිගත කිරීම් සහ නව දේශනා

2018-08-11 දින භික්ෂූන් වහන්සේලා 1000 කගේ සහභාගිත්වයෙන් කතරගම කිරිවෙහෙර අසලදී පැවැත්වුණු විභාජ්ජවාද තුන්වන වැඩසටහනේදී මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පැවැත්වූ ධර්ම දේශනාවේ පටිගත කිරීම පහතින් ලබාගන්න

2018-08-11 කතරගම විභාජ්ජවාද දේශනාව

මේ දේශනාව පටිගත කල සද්ධාතිස්ස හිමියන්ටද අප වෙත එවූ සුමන හිමියන්ටද මේ ධර්ම දානමය පින අයත්වේ.

2018-08-18 අද රාත්‍රී අධිෂ්ටාන පූජාවේ දේශනාව

පඤච මහා අධිෂ්ඨාන පූජාව 2018.08.18/19 යන දෙදින පූරාවට රුවන් මැලි මහ සෑ රදුන් අබියසදී පැවැත්වේ මේ මහා පිංකමේ අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ආර්‍යසත්‍ය දේශනය 19 වන දින පාන්දර 01.a.m ට යෙදී තිබේ.  
මහ සෑ මලුවේ සිට හිමිදිරි පාන්දර ආර්‍යසත්‍ය දේශනාවන් අසන්නට සසර කතරින් එතෙර වනු කැමති සැදැහැවතුන් පැමිණෙත්වා..!!! පැමිණිය නොහැකි අය සඳහා බෞද්ධයා නාලිකාවේ සජීවී විකාශය. Youtube Live Stream මෙතැනින්. අනිවාර්යයෙන්ම සහභාගී වන්න.

ඇසල පෝ දින ධර්ම දේශනාව පටිගත කිරීම

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පසුගිය ඇසල පෝ දින ලබුනොරුව ආරණ්‍යයේ දී සිදුකල විශේෂ ධර්ම දේශනාවේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න. මේ දේශනාව අප වෙත එවූ හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.

2018-07-27 ඇසල පෝය – ලබුනොරුව ආරණ්‍ය

සියලු දෙනා අනිවාර්යයෙන්ම සවන් දෙන්න