Author Archives: path.nirvana@gmail.com

විජ්ජා උදපාදි – අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-09-12 දින සරණ පාර, කොළඹ 7 පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 42 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 20/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුනිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

බලංගොඩ කඨින වීඩියෝ එක සහ වාර්තාමය වැඩසටහන

බලංගොඩ කඨින පින්කමේදී පටිගත කරන ලද වීඩියෝ එක අප වෙත ලැබී youtube එකට එක් කරන ලදී. එය මෙතැනින් ලබා ගන්න. මෙය අප වෙත ලබාදුන් චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

වාර්තාමය (Documentary) වැඩසටහන

ලබුනොරුව අරණ්‍ය සේනාසනය ගැන සැකසු වාර්තාමය වැඩසටහන මෙතැනින් නරඹන්න

කඨින පින්කම් වලදී පැවැත්වූ දේශනා

පසුගිය දින කිහිපය තුලදී පවත්වන්නට යෙදුනු කඨින පින්කම් තුනකදී ස්වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු දේශනා තුනේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න

  1. 2017-10-05 ලබුනොරුව කඨින පින්කම
  2. 2017-10-06 බලංගොඩ කඨින පින්කම
  3. 2017-10-07 නාඋල කඨින පින්කම

මේවා අපවෙත ලබාදුන් දේශප්‍රිය මහතාට සහ සුමන හිමියන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

ලබුනොරුව කථින පින්කමේ චායාරූප කිහිපයක් මෙතැනින් නරඹන්න

කථින පින්කම් සහ ධර්ම දේශනා 2017

ඉදිරි සතිය තුළ ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් පැවැත්වෙන කථින පින්කම් තුනක් සහ උන්වහන්සේගේ ධර්ම දේශනා තුනක් ගැන විස්තර අප වෙත ලැබී ඇත. හැකිතාක් පින්කම් වලට සහභාගී වන්න

  1. ඔක්තෝබර් 5-6 කථින පින්කම ලබුනොරුව අරණ්‍ය. ඔක්තෝබර් 5 බ්‍රහස්පතින්දා සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව. ඔක්තෝබර් 6 දවල් දානය ස්වාමින් වහන්සෙලා 50 නමකට.
  2. ඔක්තෝබර් 6-7 අභිනව කථින පින්කම බලන්ගොඩ වටවල ධම්මහදය අරණ්‍ය (පහත ෆොටෝ එකද බලන්න). ඔක්තෝබර් 6 සිකුරාදා සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව
  3. ඔක්තෝබර් 7-8 කථින පින්කම නාවුල විවේක සෙනසුන. ඔක්තෝබර් 7 සෙනසුරාදා සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව
  4. ඔක්තෝබර් 8-9 පැවැත්වීමට තිබුණු බසවක්කුලම ධම්මහදය විහාරයේ කථින පින්කම නොපැවැත්වේ.

පඤ්ඤා උදපාදි – අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-08-21 දින බසවක්කුලමේදී පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 50 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 23/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුනිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

ඤාණං උදපාදි – අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරපු දේශනා 4 ක් අවසරය සහිතව ඇතුලත් කරලා වෙනදා වගේ කලණ මිතුරු සමිරු ගයාන් මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 180 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 86/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය ලක්මි කුරුප්පු මහත්මියට දැනුම් දෙන්න 0774969682.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

ඇතුලත් කර ඇති දේශනා හතර

1. ජාති නිරෝධය පිළිබඳ දේශනය
2. මිගසාලා සූත්‍රය ඇසුරින් කෙරෙන දේශනය
3. චූලදුක්ඛස්කන්ධ සූත්‍රය ඇසුරින් කෙරෙන දේශනය
4. භාවනාව සම්බන්ධ කරුණු

CECB හිදී සිදුකල දේශනාවේ පටිගත කිරීම

ස්වාමීන්වහන්සේ විසින් කොළඹ සරණ පාර CECB හිදී පවත්වන ලද දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී ඇත. එය පහතින් ලබා ගන්න. මෙය අප වෙත ලබාදුන් දේශප්‍රිය මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

2017-09-12 සම්මාදිට්ඨි සූත්‍රය – සරණ පාර

අලුත් දේශනා දෙකක පටිගත කිරීම්

ස්වාමීන්වහන්සේ විසින් මේ මාසයේ පවත්වන ලද දේශනා දෙකක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. මේවා අප වෙත ලබාදුන් කොත්මලේ කස්සප හිමියන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

 

පඨවි ධාතුව පිරිසිඳ දකිමු – පටිගත කිරීම

ස්වාමීන්වහන්සේ විසින් බසවක්කුලම ධම්මහදය විහාරයේදී සිදුකල පඨවි ධාතුව පිරිසිඳ දැක පඨවි ධාතුවෙන් මිදෙන ආකාරය මැනවින් විස්තර කෙරෙන ධර්ම දේශනාවේ පටිගත කිරීම පහතින් ලබාගන්න.

2017-08-21 පඨවි ධාතුව පිරිසිඳ දකිමු – බසවක්කුලම

ඒ දේශනාව අප වෙත එවූ අමල් මහතාට සහ කස්සප හිමියන්ට මේ ධර්ම දානමය පින අයත් වේ. එය Youtube එකටද ඇතුළු කරන ලදී.

භික්ෂූන් වහන්සේලාට කළ දේශනා සහ විශේෂ පණිවිඩයක්

ලබුනොරුවකන්ද ආරණ්‍යයේදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරන ලද දේශනා දෙකක් සහ භාවනා උපදෙස් අඩංගු දේශනා දෙකක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මේවා අප වෙත එවූ කස්සප හිමියන්ට මේ ධර්ම දානමය පින අයත් වේ.

ස්වාමීන්වහන්සේගෙන් විශේෂ පණිවිඩයක්

ස්වාමීන්වහන්සේ විසින් දුරකතන ඇමතුමක් හරහා ලබාදුන් විශේෂ පණිවිඩයක පටිගත කිරීමක් පහතින් ලබාගන්න. ඇමතුමේ හඬ තත්වය ඒ තරම් හොඳ නැති බැවින් එහි සාරාංශය පහතින් මා විසින් ලියා ඇත.

2017-08-15 විශේෂ පණිවිඩය

නිවනේ පණිවිඩය පැවසීමට නිවන් දැක තිබීම අවශ්‍ය නොවන බවට උදාහරණය :- රත්නපුරයට ගොස් ඇති පුද්ගලයෙකුගෙන් මග අසාගත් දෙවැනි පුද්ගලයෙකුට ඔහු රත්නපුරයට නොගියත් ඒ අසාගත් මග තෙවැනි පුද්ගලයෙකුට පැවසිය හැකිය. ඒ මග යාමෙන් තෙවැනි පුද්ගලයාට රත්නපුරයට යා හැකිය. දෙවැනි පුද්ගලයා රත්නපුරයට ගොස් තිබීම අවශ්‍ය නැත.

අප විසින් දැකිය යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දුටු, ත්‍රිපිටකයේ සඳහන් නිවන මිස, දේශක භික්ෂුන් වහන්සේලා තමන්ගේ භාවනා අත්දැකීම් තුලින් ‘මේ නිවන’ යැයි වටහාගත් තත්වය නොවේ. මේ අනුවද දේශකයන් නිවන් දැකීම හෝ නොදැකීම අපගේ මග වැඩීමට භාදාවක් නොවන බව දත යුතුය.

කොහුවල දේශනාවේ වීඩියෝව

2017-08-13 දින කොහුවල සිදුකල දේශනාවේ වීඩියෝව අප විසින් youtube එකට එක් කරන ලදී. එය මෙතනින් බලන්න. දේශනා අවසානයට පෙර කැමරාවේ බැටරිය ක්ෂය වීම ගැන සමාව අයදිමි.