Author Archives: path.nirvana@gmail.com

ත්‍රිපිටක tablet පූජා කිරීම සහ 2020 ධර්ම දේශනා පටිගත කිරීම්

මාන්කඩවල සුදස්සන හිමියන්ගේ අතින් රටේ සාසනය සුරක්ෂික කිරීමේ යෝජනා මාලාව 2020-01-04 දින ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාව.

2020 වර්ෂයේ සිදුකරන ලද ධර්මදේශනා කිහිපයක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා අප වෙත ලබාදුන් හර්ෂ මහතාට මේ පින් අයත්වේ. ධර්ම දේශනා පටිගත කරන අයට ඒවා හොඳ හඬ තත්වයකින් යුතුව පටිගත කිරීමට සිත් පහල වේවා.

2020-01-01 Galle Desana.mp314 MB
2020-01-01 Galle Discussion.mp313 MB
2020-01-02 Matara Bodhi – Low Quality.mp314 MB
2020-01-02 Matara Munidasa Discussion.mp3

දේශනා පටිගත කිරීම් සහ විභජ්ජවාද වැඩසටහන

සුදස්සන හිමියන් විසින් දෙසැම්බර් මාසයේ පැවැත්වූ දේශනා තුනක පටිගත කිරීම් පහතින් ලබාගන්න. මේවා පටිගත කල සහ අප වෙත සකස්කර ලබාදුන් පින්වතුන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

2019-12-11 Ill Poya – Labunoruwakanda.mp315 MB
2019-12-15 Illuppukulama Damma Discussion.mp322 MB
2019-12-19 Kelaniya Special.mp327 MB

විභජ්ජවාද වැඩසටහන

2020 නව වර්ෂයේ ජනවාරි 4 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙන ත්‍රිපිටක මෘදුකාංග ඇතුලත් කර සෑදු ටැබ්ලට් යන්ත්‍ර 5000 ක් පූජා කිරීමේ උත්සවයට ඔබත් සහභාගී වන්න. උදෑසන 5 සිට සවස 5 දක්වා භික්ෂූන් වහන්සේලා 5000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම ටැබ් යන්ත්‍රයට ඇතුලත් කරන ත්‍රිපිටක මෘදුකාංග සහ පොත් ඔබගේ ජංගම දුරකතනයට හෝ ටැබ් යන්ත්‍රයට මෙතනින් ලබාගන්න

මාතර ධර්ම දේශනාව

සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් 2020 ජනවාරි 2 වැනි දින මාතරදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා මාතර මුණිදාස මහතා අමතන්න.

කැලණිය ධර්ම දේශනාව

අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ සහ අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ගේ ගෞරවනීය වැඩමවීමෙන් 2019/12/19 වන බ්‍රහස්පතින්දා සවස 2.00 සිට 6.00 දක්වා කැළණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන අසිරිමත් ශ්‍රී සද්ධර්ම දේශනාව හා දහම් ගැටලු සාකච්ඡාව.

  • සවස 2.00- 3.30 දක්වා – ධර්ම දේශනාව – අති පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ
  • 3.30 – 4.00 දක්වා – විවේකය
  • සවස 4.00 – 6.00 දක්වා – දහම් ගැටලු සාකච්ඡාව – අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ

පිං කැමති සැදැහැවත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…!

වප් පෝය දේශනාව, ධර්මාසන පූජා සහ බසවක්කුලම දේශනා

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ලබුනොරුව ආරණ්‍යයේ වප් පෝ පිංකම වෙනුවෙන් සිදුකල මනරම් දේශනාව, ඉලුප්පුකුලම ධර්මාසන පූජා වෙනුවෙන් මීට සති කිහිපයකට පෙර සිදුකල දේශනාව සහ බසවක්කුලම සිදුකෙරෙන විශේෂ දේශනා මාලාවේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න.
මේ දේශනා පටිගත කර අප වෙත එවූ හර්ෂ මහතා ඇතුළු පිරිසට මේ පින් අයත්වේ.

  1. 2019-10-13 ලබුනොරුව ආරණ්‍යයේ වප් පෝ පිංකම
  2. 2019-09-22 ඉලුප්පුකුලම ධර්මාසන පූජා
  3. 2019-08-04 බසවක්කුලම
  4. 2019-09-01 බසවක්කුලම

පදයෙන් පදය සිංහල අරුත් සහිත සෙත් පිරිත් දේශනා

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව Android app එකක් ලෙස ලබා ගන්න.
https://play.google.com/store/apps/details?id=lk.pitaka.pirith
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
පදයෙන් පදය අර්ථ විග්‍රහය සිදුකර ඇත්තේ පළමු පිරිත් 17 ට පමණක් බව කරුණාවෙන් සලකන්න. ඉදිරියේදී ඉතිරි පිරිත්ද එසේ සැකසීමට බලාපොරොත්තු වෙමු.
ඔබට වැදගත් පිරිත් ඉදිරියෙන් තරු ලකුණක් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තුවක් සකසා ගත හැකිය. උඩු අතට සහ යටි අතට ඇති ඊතල මගින් පිරිත් අනුපිලිවෙල වෙනස් කරගත හැකිය.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය

ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල් මුද්‍රණය අනුව යමින් එය සංරක්ෂණය කිරීමේ අභිප්‍රායද පෙරදැරිව මසක පමණ කාලයක් වෙහෙස වීමෙන් මේ PDF පිටපත සකස් කරන ලදී.

This set of PDF files is an authentic recreation of the original Buddha Jayanthi Tipitaka book series of Sri Lanka.

මේ ව්‍යායාමය වසර 30 ගණනක් වෙහෙස මහන්සි වී බුද්ධ ජයන්ති පොත් පෙළ සකස් කරන ලද මහා ථෙරවරුන්ට ද උන්වහන්සේලාගේ ඒ අප්‍රතිහත කැපවීමට ද කරන උපහාරයක්ම වේවා.සම්පුර්ණයෙන්ම නොමිලයේ ඔබ අතට තිලිණ කරන පිරිසිදු ධර්ම දානයකි. Size 5.8 GB. හැකිතාක් DVD, Pen Drive ආදියට ඔස්සේ ධර්මකාමින් අතර බෙදාහැර ඔබත් ධර්ම දානයට දායක වෙන්න.

මේ PDF සංස්කරණයේ විශේෂත්වය

  1. දැනට පවතින බෞද්ධ සංස්කෘත මධ්‍යස්ථානයේ ත්‍රිපිටක මුද්‍රණයේ සහ ආතාපි අඩවිය විසින් සිදුකල PDF පිටපතේ අකුරුවල පැහැදිලිතාවය අඩු මට්ටමක පවතී. ත, න සහ ති, තී වැනි අකුරුවල වෙනස්කම්ද, footnotes අකුරුද හඳුනාගැනීම අපහසුය. පහත රූප සටහනේ දැක්වෙන පරිදි අප විසින් සකස්කළ පිටපතේ මේ අකුරු වඩා පැහැදිලිය.
  2. දැනට පවතින ත්‍රිපිටක මුද්‍රණයෙන් ද, ආතාපි PDF පිටපතෙන් ද ඉවත් කර ඇති ශුද්ධි පත්‍ර මේ පොතට ඇතුළු කර ඇත. පැරණි බුද්ධ ජයන්ති ත්‍රිපිටක මුද්‍රණයේ පැවති එකදු පිටුවක් වත් අප විසින් ඉවත්කර නොමැති අතර අලුතෙන් එක් පිටුවක් හෝ එකතුකර ද නොමැත.
  3. පොතේ පටුනේ සඳහන් සුත්‍ර/මාතෘකා ඇසුරෙන් bookmarks සකස් කර ඒ ඒ PDF එකට එකතු කර ඇත. මේ bookmarks මත click කිරීමෙන් ඉතා පහසුවෙන් අදාළ සූත්‍රය වෙත පිවිසිය හැකිය.
  4. පොතේ පිටුවල අන්තර්ගතයට අමතර කිසිම වචනක් හෝ links පිටුවලට එකතු කර නොමැත.

විශේෂ පුන්‍යාණුමෝදනාව

  • ත්‍රිපිටක පැරණි මුද්‍රණයේ පොත් ලංකාව පුරා ආරණ්‍ය පුස්තාකාල වලින් සොයාගෙන අප වෙත ලබාදුන් එමෙන්ම සකස් කර අවසන්වූ PDF පිටපත් වල අඩුපාඩු අපට පෙන්වා නිවැරදි කරගැනීමට උපකාර කළ මාන්කඩවල නන්දරතන (රාහුල) හිමියන්ට සහ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට.
  • නොයෙක් අයුරින් උපකාර කල දෙමාපියන්ට
  • පොත් scan කිරීම සහ පටුන සහිතව PDF සකස් කිරීම ජනක (Path Nirvana) path.nirvana@gmail.com

අදහස් යෝජනා සහ යම් අඩුපාඩුවක් තිබේනම් ඉහත email එකෙන් දැනුම් දෙන්න.පැරණි පොත් පිටුවලට කෘමීන්ගෙන්, තෙතමනයෙන් සහ සීල් ගැසීම නිසා සිදුව තිබූ හානි හැකිතාක් ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බව කරුණාවෙන් සලකන්න.

භාගත කරගැනීම පහත link වලින්

  1. http://52.187.18.71/files/bjt/
  2. http://www.mediafire.com/folder/oo8eet91ax8py/
  3. https://archive.org/details/tipitaka-sri-lanka

ඇසළ පෝය දේශනාව සහ කුටි පූජා

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ලබුනොරුව ආරණ්‍යයේ ඇසළ පෝ පිංකම වෙනුවෙන් අද දින සිදුකල මනරම් දේශනාව සහ ඉලුප්පුකුලම කුටි පූජා වෙනුවෙන් මීට දින කිහිපයකට පෙර සිදුකල දේශනා 2 පහතින් ලබා ගන්න.
මේ දේශනා පටිගත කර අප වෙත එවූ හර්ෂ මහතා ඇතුළු පිරිසට මේ පින් අයත්වේ.

දුක‍්ඛ නිරොධගාමිනී පටිපදා – අලුත් පොත

2019-06-16 පොසොන් පෝ දින ලබුනොරුව අරන්‍යයේදී පවත්වන ලද විශේෂ ධර්ම දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘දුක‍්ඛ නිරොධගාමිනී පටිපදා’ නම් පිටු 40 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 30 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය

පොසොන් පෝ දින අතිවිශේෂ දේශනාව

2019-06-16 පොසොන් පෝ දින ලබුනොරුව ආරන්‍යයේදී මාන්කඩවල සුදස්සන හිමියන් විසින් කලින් දේශනා නොකරන ලද දහම් කරුණු රැසක් සහිත විශේෂ දේශනාවක් සිදුකරන ලදී. මේ දේශනාව සියලුදෙනා විසින්ම විශේෂ උනන්දුවකින් යුතුව ශ්‍රවණය කරත්වා. අන් අයටද ශ්‍රවණය කිරීමට හැකිතාක් share කරන්න.

දේශනාව පටිගත කල මංජුල මහතාටද අපට ලබාදුන් හර්ෂ මහතාටද මේ ධර්ම දානමය පින් අයත්වේ.

දේශනාව මෙතනින් භාගත කරගන්න

2019-06-16 Poson Poya – Labunoruwa Special Deshana

2016-05-18 වෙසක් පෝ දින සිදුකල දේශනාව පහතින් ලබාගන්න

2019-05-18 Vesak Poya – Labunoruwa

ස්වාමීන්වහන්සේට සුභ උපන්දිනයක් වේවා

මේ පින්බර වෙසක් මාසේ නව වන අද දිනට ජන්ම දිනය යෙදි ඇති අපගේ ගුරු ස්වාමීන් වහන්සේ වන මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා. භාවනා කටයුතු දිනෙන් දින සාර්ථක වී, සිතන පතන බෝධියකින් අජර, අමර, නිර්වාණ සුවය සාක්ශාත් වේවා.

බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනා විකාශය

අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2019 පෙබරවාරි 01 හා 02 යන දිනයන්හිදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලංකාරාම බෞද්ධ විහාරයේදී පවත්වන ලද චතුරාර්‍යය සත්‍යය හා පටිච්චසමුප්පාදය මැනවින් විස්තර කෙරෙන අති ගම්භීර වූ ධර්ම දේශනා ත්‍රිත්වය 2019 අප්‍රේල් 19 බක් පුර පසලොස්වක පුන් පොහෝ දින රාත්‍රී 6.30 සිට පුරා පැය 06ක් මුළුල්ලේ බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කෙරේ. බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ සමගාමී විකාශයක්ද සිදු කෙරෙනු ඇත.

සියළු දෙනා දැනුවත් කිරීමෙන් මෙම ධර්ම දානයට ඔබටද දායක විය හැකිය.