සංඛතයෙන් අසංඛතයට අලුත් පොත

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් පසුගිය 10-04 දින කොළඹ සරණ පාරේ පැවැත්වූ විශිෂ්ඨ දේශනාව පිටපත් කර මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘සංඛතයෙන් අසංඛතයට’ නම් පිටු 40 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ. පිටපතක් රු 25 කි.

පොතේ අන්තර්ජාල සංස්කරණය

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කඨිණ පුණ්‍ය මහෝත්සවය

2018 නොවැම්බර් මස 10 හා 11 යන දෙදින තුල පැවැත්වේ. 
නොවැම්බර් 10 දින රාත්‍රි 07.00 ට අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ⁣විසින් මෙහෙයවන අති දුර්ලභ වූ ශ්‍රී සද්ධර්ම දේශනයක් පැවැත්වේ. පසුදා ( 11) කඨිණ චීවර පූජාව සහ ස්වාමීන්වහන්සේලා 100ක් නමක් වෙත සපිරිකර සහිත සංඝගත දක්ෂිණාව පූජා කිරීම සිදුකෙරේ. පිං කැමති සියලුදෙනාම අප හා එක්වෙත්වා…!