මැයි 12 පිංකමේ සියලු වීඩියෝ දර්ශන

2018 මැයි 12 සුදස්සන හිමියන්ගේ උපන්දිනය ඇතුළු තවත් උතුම් අරමුණු රැසක් මුල් කරගෙන රුවන්වැලි සෑ රජුන් ඉදිරියේ පැවැත්වූ සියලු වැඩසටහන් සහ දේශනා වල වීඩියෝ පටිගත කිරීම් අපවෙත ලැබී ඒවා අපගේ Path Nirvana Youtube Channel එකට එක් කරන ලදී. ඒ වීඩියෝ පට ලබාදුන් කුමාර කස්සප හිමියන්ටද, ඒවා අපවෙත එවූ හර්ෂ සිරිවර්ධන මහතාටද මේ ධර්ම දානමය පින අයත්වේ. සියලු දේශනා සහ වැඩසටහන් නරඹන්න.

  1. උදාසන දේශනාව – මාන්කඩවල සුදස්සන හිමි
  2. දහවල් දේශනාව – නාබිරිත්තන් කඩවර ඥානරතන හිමි
  3. සවස දහම් කතිකාවත – මෙහෙයවීම මාන්කඩවල නන්දරතන හිමි
  4. රාත්‍රී දේශනාව – මාන්කඩවල සුදස්සන හිමි
  5. පූජා පෙළහර – කංචුකය පැළඳවීම, පෙරහැර සහ වෙනත් පින්කම්

මාතර පැවැත්වූ දේශනාව

2018-06-06 දින මාතර මුණිදාස මහතාගේ නිවසේදී පැවැත්වූ දේශනාවේ පටිගත කිරීම අප වත ලැබී ඇත. එය අප වෙත එවූ හර්ෂ සහ රොෂාන් මහත්වරුන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.

2018-06-06 මාතර මුණිදාස මහතාගේ නිවසේ දේශනාව