නව දේශනාවක් සහ ‘අප්‍රමාදී වන්න’ අලුත් පොත

සුදස්සන හිමියන් විසින් ගාල්ලේ දී පවත්වන ලද පිනෙහි වැදගත්කම දැක්වෙන දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී ඇත. එය පහතින් ලබාගන්න. එය අප වෙත එවූ සුමන හිමියනට මේ ධර්ම දානමය පින අයත්වේ. Update on 2018-06-02: රොෂාන් මහතා විසින් මුළු දේශනාව එවන ලදී.

2018-05-21 ගාල්ල – පින සහ කුසලය

‘අප්‍රමාදී වන්න’ අලුත් පොත

පූජ්‍යපාද  මාන්කඩවල  සුදස්සන  හිමිපාණන්  විසින්  දේශිත  ධර්ම  දේශනා  ත්‍රිත්වයක්  ඇතුලත්  කොට , හෝමාගම පදිංචි  ජනක  ලියනගේ  මැතිතුමා  විසින්  සකස්  කොට  බෙදාහරින  ලද  “දහම්  ඇස ”  ධර්ම  ග්‍රන්ථයේ පළමු දේශනාව  ලෙසින්  ඇති  “අප්‍රමාදී  වන්න”  නමැති  දේශනාව එලෙසින්ම  ඒ  නමින්ම  ග්‍රන්ථයක්  ලෙස  මුද්‍රණය කිරීමට  කටයුතු  සුදානම්  කොට  ඇත . 

මෙම  දේශනාව  පමණක්  පොතකට  ගැනීමට  හේතු කාරනා  වුයේ  උපමා  රූපක  සහිතව  ඉතා  සරලව බොහෝ දෙනාට හිතසුව  පිණිස  ඕනෑම  අයෙකුට  පරිශීලනය  සදහා  සිත්  පහල  වන  බැවිනුත්, අනවරාග්‍ර  වූ  සසරේ අතරමංව සසර පරතෙරක්  සොයන්නට  සිත්  පහල  නොවූ  සහ  සසර  පරතෙරක් සොයන්නට  සිත්  පහල  වී  ඇතත් නිවැරදි දර්ශනය තවම  හමු  නොවූ  ප්‍රමාදී  අසරණ  ලෝක  සත්වයා  අප්‍රමාදී   කරවනු  පිණිස  ඔවුන්වම  ඉලක්ක කොට ඔවුන්ට ප්‍රවේශයක්  ලබාදීමට  මෙම  ග්‍රන්ථය  ඊට  පිටුවහලක්  වෙතැයි අපේක්ෂා  කල  බැවිනි .

පොතේ අන්තර්ජාල සංස්කරණය. “අප්‍රමාදී  වන්න”  නමින්  යුත්  මෙම  පොත  මුද්‍රණය  සදහා  කටයුතු  සුදානම්  කොට  ඇති  අතර  පරිශීලනය පිණිස සහ  ධර්ම  දානය  පිණිස  ලබාගැනීමට  විමසන්න. 

පොතක  මුද්‍රිත  වැය  රු. 25 /= කි . විමසීම : (1). K.G. මුනිදාස – 071 – 4438747     (2). R.T. සමරරත්න – 071 – 3030300