අලුත් පොත සහ වීඩියෝව

පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් මෑතකදී පවත්වන්නට යෙදුන විචිත්‍ර ධර්ම දේශණා හතරක් පිටපත් කර සමිරු ගයාන් මහතාගේ මූලිකත්වයෙන් අලුතින්ම සකසන ලද ‘න තුම්හාකං’ නම් පිටු 148 කින් යුත් ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කර බෙදා දෙන්නයි කටයුතු යොදා තිබෙන්නේ.

පොතේ අන්තර්ජාල සංස්කරණය

මෙසේ මුද්‍රණය කරන පොත් අතුරෙන් 1000ක් මැයි 12 අනුරාධපුර රුවන්මාලි චෛත්‍ය රාජයා අසල පැවැත්වෙන්නට යෙදෙන මහා පින්කමට පැමිණෙන ස්වාමීන් වහන්සේලා 1000 නමක් උදෙසා පූජා කිරීමටත්, 1000ක් වෙසක් පෝය දින ලබුනෝරුවකන්ද ආරණ්‍යයේදී බෙදා දීමටත් කටයුතු සූදානම් කර ඇත.

පොතක මුද්‍රණ වියදම රු. 97 ක් වෙනවා. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය ලක්මි කුරුප්පු මහත්මියට දැනුම් දෙන්න 0774 969 682. ඇතුලත් කර ඇති දේශනා හතර පහතින්

  1. 2017-12-03 දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී – පංච ස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ දේශනය
  2. 2018-01-31 දින උදෑසන ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී – සක්කපඤ්හ සූත්‍රය ඇසුරින් කෙරෙන දේශනය
  3. 2018-01-31 දින සවස ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී – සම්මා දිට්ඨිය පිළිබඳ දේශනාව
  4. 2018-03-08 දින සරණ පාර CECB හිදී – සතිපට්ඨාන භාවනාව පිළිබඳ දේශනාව

බක් පෝ ධර්මාසන පූජා වීඩියෝව

2018-03-31 බක් පෝ දිනයේදී ලබුනොරුව ආරණ්‍යයේ සිදුවූ ධර්මාසන පූජාවට අදාළ වීඩියෝ පටය එය සංවිධානය කල හර්ෂ මහතා විසින් එවන ලදුයෙන් අප විසින් YouTube එකට එකතු කරන ලදී. එය මෙතැනින් නරඹන්න.

කස්සප හිමියන්ගේ අලුත් පොතක්

කුමාර කස්සප හිමියන්ගේ ධර්ම දේශනාවක් ඇසුරෙන් සැකසුනු “චිරං තිට්ඨතු සද්ධම්මො” නමැති පොත මාතර මුණිදාස මහතාගේ මූලිකත්වයෙන් මුද්‍රණයට සුදානම් කර ඇත. පොතක මුද්‍රිත වැය රු 66/=. පොතේ අන්තර්ජාල සංස්කරණය මෙතැනින් ලබාගන්න. පිටපත් අවශ්‍ය අය මුණිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.