භික්ෂු දේශනා සහ උඳුවප් පෝදින දේශනා පටිගත කිරීම්

සුදස්සන හිමියන් විසින් 2017 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හිදී ලබුනොරුව ආරණ්‍යයේ දී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මාර්ගය සහ ප්‍රතිපදාව විවරණය කරමින් පැවැත්වූ ඉතා වැදගත් දේශනා 13 ක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගෙන ශ්‍රවණය කරන්න.

2017-10 සිට 2017-11 දක්වා භික්ෂු දේශනා

මේ පටිගත කිරීම් සංශෝධනය කර අපවෙත ලබාදීමට කටයුතු කල චින්තක මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

උඳුවප් පෝදින දේශනා

අති පූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් උඳුවප් පොහෝ දින සිල් පිරිස වෙනුවෙන් කරන ලද ඉතා වැදගත් ධර්ම දේශනාවල පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න.

  1. 2017-12-03 උදාසන ධර්ම දේශනාව
  2. 2017-12-03 දහවල ධර්ම දේශනාව

මේ පටිගත කිරීම් අපවෙත ඉතා ඉක්මනින් ලබාදීමට විශේෂ උනන්දුවකින් කටයුතු කල හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනාවක් 2017-12-16 (හෙට) දින සවස 3 ට කොළඹදී (රාජගිරිය ජයශේඛරාරාමය) පැවැත්වෙන බවද නැවත මතක් කරනු කැමැත්තෙමි.