විශේෂ ධර්ම දේශනාවේ වීඩියෝ පටිගත කිරීම් සහ අලුත් පොත

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් නොවැම්බර් 18 සෙනසුරාදා උදෑසන 8.00 සිට සවස 3 දක්වා ලබුනොරුව ආරණ්‍යයේ දී පවත්වන ලද විශේෂ ධර්ම දේශනා දෙකේ වීඩියෝ පටිගත කිරීම් පහතින් ලබාගන්න.

මේ පටිගත කිරීම් අපවෙත ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කල හර්ෂ මහතාටද ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාටද මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.


පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2017-08-07 නිකිණි පෝ දින බලංගොඩ දී පැවැත්වූ දේශනාව අවසරය සහිතව ඇතුලත් කරලා කලණ මිතුරු මාතර මුනිදාස මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 42 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 20/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය මුනිදාස මහතාට දැනුම් දෙන්න 0714438747 හෝ 0773295174.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)