භික්ෂූන් වහන්සේලාට කළ දේශනා සහ විශේෂ පණිවිඩයක්

ලබුනොරුවකන්ද ආරණ්‍යයේදී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරන ලද දේශනා දෙකක් සහ භාවනා උපදෙස් අඩංගු දේශනා දෙකක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබාගන්න. මේවා අප වෙත එවූ කස්සප හිමියන්ට මේ ධර්ම දානමය පින අයත් වේ.

ස්වාමීන්වහන්සේගෙන් විශේෂ පණිවිඩයක්

ස්වාමීන්වහන්සේ විසින් දුරකතන ඇමතුමක් හරහා ලබාදුන් විශේෂ පණිවිඩයක පටිගත කිරීමක් පහතින් ලබාගන්න. ඇමතුමේ හඬ තත්වය ඒ තරම් හොඳ නැති බැවින් එහි සාරාංශය පහතින් මා විසින් ලියා ඇත.

2017-08-15 විශේෂ පණිවිඩය

නිවනේ පණිවිඩය පැවසීමට නිවන් දැක තිබීම අවශ්‍ය නොවන බවට උදාහරණය :- රත්නපුරයට ගොස් ඇති පුද්ගලයෙකුගෙන් මග අසාගත් දෙවැනි පුද්ගලයෙකුට ඔහු රත්නපුරයට නොගියත් ඒ අසාගත් මග තෙවැනි පුද්ගලයෙකුට පැවසිය හැකිය. ඒ මග යාමෙන් තෙවැනි පුද්ගලයාට රත්නපුරයට යා හැකිය. දෙවැනි පුද්ගලයා රත්නපුරයට ගොස් තිබීම අවශ්‍ය නැත.

අප විසින් දැකිය යුත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දුටු, ත්‍රිපිටකයේ සඳහන් නිවන මිස, දේශක භික්ෂුන් වහන්සේලා තමන්ගේ භාවනා අත්දැකීම් තුලින් ‘මේ නිවන’ යැයි වටහාගත් තත්වය නොවේ. මේ අනුවද දේශකයන් නිවන් දැකීම හෝ නොදැකීම අපගේ මග වැඩීමට භාදාවක් නොවන බව දත යුතුය.

කොහුවල දේශනාවේ වීඩියෝව

2017-08-13 දින කොහුවල සිදුකල දේශනාවේ වීඩියෝව අප විසින් youtube එකට එක් කරන ලදී. එය මෙතනින් බලන්න. දේශනා අවසානයට පෙර කැමරාවේ බැටරිය ක්ෂය වීම ගැන සමාව අයදිමි.