දුරුතු පෝය වැඩසටහනේ වීඩියෝ දර්ශන

2017-01-12 දුරුතු පෝ දින අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් ලබුනොරුව ආරණ්‍යයේ දී සිදුකරන ලද ඉතා වැදගත් දේශනා සතරේ වීඩියෝ පටි අප විසින් youtube එකට එකතු කරන ලදී. ඒවා පහතින් බලන්න. මේ දේශනා බෞද්ධයා රුපවාහිනීයේ ප්‍රචාරය කරවීමට සහ අප වෙත එවීමට මුලිකව කටයුතු කල හර්ෂ සිරිවර්ධන මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

පහත පනිවිඩය ලබුනොරුව ආරණ්‍යයේ දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යපෘති වලට සම්බන්ධ පින්වතුන් වෙනුවෙන් පල කරනු ලැබේ

උත්තම ආරණ්‍ය පූජා…

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමිපාණෝ වැඩවසන ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයට වැඩි වැඩියෙන්  තරුණ ස්වාමින්වහන්සේලා සම්බන්ද වෙමින් පවති. එමනිසා සේනාසනයේ අවශ්‍ය මූලික පහසුකම් සැපයීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

  • පවතින භාවනා කුටි අළුත් වැඩියා කිරීම
  • සීමාමාලකයක් ඉදිකිරීම
  • දහම් පුස්තකාලයක් ඉදිකිරීම
  • පොදු භාවනා ශාලාවක් ඉදිකිරීම
  • වැසිකිලි සහ කැසිකිලි පහසුකම් වැඩි  දියුණු කිරීම ඇතුළු වෙනත් දෑ …..

මෙම සියලුම පහසුකම් සැපයීම මගින් දැනට ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භාවනායෝගී පිංවත් ස්වාමින්වහන්සේලාටත්, නවක ස්වාමින්වහන්සේලාටත්, දහම සොයා පැමිණෙන අනෙකුත් ආගන්තුක ස්වාමින් ස්වාමින්වහන්සේලාටත්  මහත් පහසුවක් සැලසෙනු ඇත. මෙම උදාර පුණ්‍යකර්මයට දායක වීමෙන් බොහෝ පිං රැස් කරගැනීමේ අවස්ථාව ඇති බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

ශ්‍රී ලංකාව තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු බුදුදහම ආරක්ෂා කොට, ඉදිරි පරපුරට දායාද කිරීමට දායක වන පිංවත් ඔබට බොහෝ සැප විපාක පිණිසත්,නිවන අවබෝධය පිණිසත් මෙම පින හේතු වනු ඇත.

Web අඩවිය : www.uththamakutipooja.com

Email : uththamakutipooja@gmail.com

වැඩි විස්තර සඳහා :

  • Australia –   +61402474873 (Nihal)
  • Canada/USA/UK –  +14165581617 (J Vithanage)
  • New Zealand –  +64211562924 (Dr. Asoka)
  • Sri Lanka –  +94775074493 (Jayantha)

ඔබගේ අනෙකුත් හිතවතුන්ද  මෙම උදාර පුණ්‍යකර්මයට සම්බන්ද කර ගන්නේනම් මැනවි. ඔබ සැමට තෙරුවන් සරණයි !!

Account details in Sri Lanka

  1. Name: Kothmale Kuma­rakassapa thero and Mankadawala Nandarathana thero
  2. Account No: 1149540­21944
  3. Bank: Sampath Bank, Kekirawa Branch

උත්තම ආරණ්‍ය පූජා…