රූපවාහිනී ධර්ම දේශනා සහ අලුත් පොත්

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් 2017 දුරුතු පොහෝ දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනාව, 2017 පෙබරවාරි මස 14 වන අඟහරුවාදා රාත්‍රි 9.00ට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

ඉතිරි දේශනා ඉදිරි සතිවලදී විකාශනය වනු ඇත.

අලුතින් පලකළ පොත් දෙකක්

මාතර මුනිදාස මහතා විසින් 2016 වසර අග භාගයේදී මුද්‍රණය කළ පොත් දෙකක අන්තර්ජාල සංස්කරණ pdf අප වෙත ලැබී ඇත. මේවා සකස් කර අප වෙත ලබාදුන් දිල්රුක්ෂි මහත්මියට මේ පින් අයත් වේ.

  1. කත්තබ්බං කුසලං බහුං
  2. සම්මාදිට්ඨි හොති