ඉදිරියේදී පැවැත්වෙන දේශනා 4ක් සහ පටිගත කිරීම්

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සුමධුර ධර්ම දේශනා 3ක් කොළඹදී සහ තවත් දේශනාවක් නුවරදී පහත පරිදි පැවැත්වේ

  1. දෙසැම්බර් 17 සෙනසුරාදා උදැසන 8.30 සිට කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී – Google Maps Link -120 බස් මාර්ගයේ සිට ඇවිදින දුරින් සරණතිස්ස මාවතේ පිහිටා ඇත. වැඩි විස්තර 0772862426 නිහාල් මහතා.
  2. දෙසැම්බර් 17 සෙනසුරාදා සවස 2.00 සිට ගල්කිස්ස සුගත ධර්මායතනයේ දී (ටෙම්ප්ලර් පාරේ) – Google Maps Link – ශ්‍රී විමලසිරි දහම් පාසල නමින් ද හැඳින්වේ – වැඩි විස්තර 0112715511
  3. දෙසැම්බර් 18 ඉරිදා සවස 2.00 සිට වත්තල ශ්‍රී විජයාරාමය දී (ශ්‍රී අමරවංශ ධර්ම විද්‍යාලය, එඬේරමුල්ල, වත්තල – එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල) – Google Maps Link
  4. දෙසැම්බර් 24 සෙනසුරාදා සවස 2.00 සිට පේරාදෙණිය සුබෝධාරාමයේ දී – පේරාදෙණිය හන්දියේ සිට කොළඹ දෙසට මීටර් 200ක් පමණ ගිය විට – Google Maps Link

අන්තර්ජාල පහසුකම නැති ඔබ දන්නා හඳුනන සියලු දෙනාට මේ විස්තර ලබාදී ධර්ම දානයට දායක වන්න. එක දේශනාවකට හෝ අනිවාර්යයෙන්ම සහභාගී වන්න.

අලුතින් ලැබුණු පටිගත කිරීම්

  1. 2016-11-26 හෝමාගමදී පැවැත්වූ දේශනාව
  2. 2016-11-27 ගාල්ලේදී පැවැත්වූ වැදගත් දේශනාව
  3. 2016-12-03 ලබුනොරුවේදී භික්ෂුන් වහන්සේලාට පැවැත්වූ දේශනාව

මේ දේශනා පටිගත කර අප වෙත එවූ සියලු දෙනාට මේ ධර්ම දානමය පින අයත්වේ.  හොඳ හඬ පටිගත කිරීමක් සඳහා ඔබගේ පටිගත කිරීමේ යන්ත්‍රය කෙලින්ම ශබ්ද විකාශන යන්ත්‍රයට සම්බන්ද කරන මෙන් ඉල්ලා සිටිමු.