නව පටිගත කිරීම් සහ කථින දේශනා මාලාව

අති පූජ්‍ය සුදස්සන හිමියන් විසින් ළඟදී පැවැත්වූ දේශනා දෙකක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න.

  1. 2016-10-05 කොළඹදී පැවැත්වූ දේශනාව (ලබාදුන්නේ නන්දසිරි සහ චාමින්ද මහත්වරුන් විසින්)
  2. 2016-10-15 වප් පෝ දින නාඋල දී පැවැත්වූ දේශනාව (ලබාදුන්නේ විමලසිරි මහතා සහ ලක්ඛණ හිමියන් විසින්)

දේශනා ලබාදුන් අයට මේ ධර්ම දානමය පින අයත් වේ.

ඉදිරි කථින සමයේ පැවැත්වෙන දේශනා

  1. 2016-10-29 සෙනසුරාදා සවස 7 ට නාවුල විවේක සෙනසුනේදී. පසු දින එනම් 30 වැනි ඉරිදා කථින පූජෝත්සවය, නව සිමාමාලකය විවෘත කිරීම ආදී පින්කම් රැසක්ද එහිදී පැවැත්වේ. අවට නවාතැන් පහසුකම් අඩු බැවින් මාතලේ හෝ දඹුල්ල නගරවලින් ඒවා ලබාගැනීම වඩා යෝග්‍ය බව සංවිධායක මඩුල්ල අපට දන්වන්නට යෙදුනි.
  2. 2016-11-04 සිකුරාදා දින සවස 7 ට අලුතින් ඉදිකළ බසවක්කුලම (අභය වැව) ධම්මහදය විහාරයේදී. එදිනට පසුදින එහි කථින පූජෝත්සවය පැවැත්වේ. අනුරාධපුර පූජා නගරය තුළ පිහිටා ඇති බැවින් නවාතැන් පහසුකම් නගරයෙන් ලබාගත හැකිය. ධම්මහදය විහාරයේ නව චායාරූප හා වැඩි විස්තර සඳහා පිවිසෙන්න -> sudassana.org/donate
  3. 2016-11-05 සෙනසුරාදා සවස 7 ට, අභය වැව ධම්මපාසාද විහාරයේදී (ධම්මහදය විහාරය අසල)

නොවරදවාම එක් දේශනාවකට හෝ සහභාගී වීමට උත්සාහ කරන්න. සේනාසන වලට යන මාර්ග අපේ සිතියම් පිටුවේ ඇත.

පාළි-සිංහල අන්තර්ජාල ශබ්දකෝෂය

පරිගණකයෙන් හෝ phone එකෙන් පිවිසිය හැකිය -> http://pitaka.lk/dict භාවිතා කිරීමේ තවත් විස්තර -> http://pitaka.lk/dict/intro.html

14258186_1748215592101059_3622418826230173410_o