නාවුල භික්ෂු දේශනා

ස්වාමීන්වහන්සේ විසින් නාවුල ආරණ්‍යයේ වෙසෙන භික්ෂුන් වහන්සේලා උදෙසා කරන ලද ඉතා වැදගත් දේශනා දෙකක් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. ඒවා වෙබ්අඩවියේ පළ කිරීමට අවසරය දුන් ස්වාමීන්වහන්සේටද, ඒවා අප වෙත ලබාදුන් ගාමිණී මහතා හා ලක්ඛණ හිමියන්ටද මේ ධර්මදානමය පින අයත් වේ.

  1. 2016-08-08 නාවුල භික්ෂු දේශනාව
  2. 2016-09-01 සතිපට්ඨාන භාවනාව ගැන දේශනාව

බසවක්කුලම විහාරයේ ඉදිකිරීමේ ප්‍රගතිය

මේ වන විට ඉදිකිරීම් කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති අතර අගෝස්තු මුල් සතියේ ඉදිකිරීමේ ප්‍රගතිය පහත රූප රාමු වලින් නැරඹිය හැකිය.

ඉදිකිරීමේ චායාරූප

විහාරයේ ඉදිකිරීමේ කටයුතු සඳහා ආධාර කිරීමට මීට කලින් අප චිසින් පළකළ දැන්විමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර කොටස් 5 න් කොටස් 3 ක් පින්වතුන් විසින් භාර ගෙන ඇත. වැඩි විස්තර මෙතැනින්. තවත් කොටස් දෙකක් සඳහා ඔබට ආධාර කිරීමට අවස්ථාව ඇත. කළාතුරකින් ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමු.