ධම්මහදය විහාරයේ ඉතිරි වැඩ සඳහා ආධාර කිරීමට අවස්ථාවක්

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් වැඩවසන බසවක්කුලම ධම්මහදය විහාරයේ පළමු හා දෙවන මහල් වල කුටි වල වැඩකටයුතු අවසන් වෙමින් පවතින අතර මුලින් කුටි සඳහා සකස් කල ඇස්තමේන්තුවට ඇතුළු නොවුණු 1) විවෘත වැරැන්ඩාවෙ ලී වැට, 2) තුන්වන මාලයේ ධර්ම ශාලාව වටේට සවිකරණ වීදුරු, සහ 3) දෙවන තට්ටුවේ වටේට අඩි පහක් පලල ආවරණිය වහළය, යන ව්‍යපෘති සඳහා දළ වියදම් සටහනක් අපවෙත ලැබී ඇත.

එහි විදුරු සඳහා ඇස්තමේන්තුව මෙතැනින් ලබාගන්න. ආවරණිය වහල සඳහා ඇස්තමේන්තුගත වියදම (වර්ගඵලය අනුව) ලක්ෂ 20කි. ශ්‍රම දායකත්වය යුධ හමුදාවෙන් ලැබුනද ඔවුන්ගේ කෑමබීම හා ප්‍රවාහන වියදම් ද ඇතුළු අමතර වියදම් සඳහා තවත් ලක්ෂ 9 ක් ඇස්තමේන්තුගත කර ඇත. මුළු මුදල (16+20+9) ලක්ෂ 45කි.

මෙම වියදම එක කොටසකට රු. 900,000 වනසේ කොටස් 5 කට බෙදා සැදැහැති පින්වතුන්ට දායකත්වය දැක්විය හැකි පරිදි සකසා ඇත.

ආධාර තැම්පත් කිරීම සඳහා බැංකු ගිණුම (මාන්කඩවල නන්දරතන හිමි)
Mankadawala Nandarathana Thero, Peoples Bank, Anuradhapura Branch – 008200177485306 (new account number dedicated to vihara project)

මුදල් තැම්පත් කිරීමෙන් ලැබෙන රිසිට් පත පහත ලිපිනයට යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193

භාරගෙන ඇති කොටස් ගණන වෙබ් අඩවියේ පළකිරීම සඳහා කොටසක (කුටියක) දායකත්වය භාරගන්නා පින්වතුන් ඒ බව path.nirvana@gmail.com ලිපිනයට හෝ 0112752352 දුරකථන අංකයට දැනුම් දෙන්න. පිරිසිදු ත්‍රිපිටක දහම ලොව පුරා ප්‍රචාරය කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දී අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කරගන්න. කලින් පළකළ දැන්වීම සහ වැඩි විස්තර සඳහා -> sudassana.org/donate

13254817_1040375279363127_4157107509218465786_o