සැප්තැම්බර් මස රුවන්වැලි සෑය සිල් වැඩසටහන අවලංගු කිරීම

ඊයේ දින පලකල රුවන්වැලිසෑ සිල් වැඩසටහන සම්බන්ධවයි. අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ මූලිකත්වයෙන් බිනර පෝ දින සිල් වැඩසටහන රුවන්වැලිසෑයෙදී නොපැවැත්වේ. පෝ දිනට පෙර දින එනම් 15 වන දින පැය කිහිපයක සාමාන්‍ය දේශනයක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇත. හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එය කස්සප හෝ රාහුල (නන්දරතන) ස්වාමීන්වහන්සේලා විසින් සිදුකිරීමටද ඉඩකඩ ඇත. ආධාර එකතු කිරීමක් සඳහා ස්වාමීන්වහන්සේලා විසින් අවසර දී නොමැත.

විශේෂ පණිවිඩයක්

ලබුනොරුව හෝ ධම්මහදය විහාරස්ථාන වල ස්වාමීන්වහන්සේලාගේ කටයුතු හෝ පොත්පත් සඳහා ගිහි අයගේ ගිණුම් වලට ආධාර යොමු කිරීමෙන් වලකින ලෙස උන්වහන්සේලා විසින් දායක පින්වතුන්ට දන්වා යවා ඇත. ඒ ඒ ව්‍යාපෘතියට අදාලව කස්සප හෝ නන්දරතන ස්වාමීන්වහන්සේලාගේ නමින් ඇති ගිණුම් වලට පමණක් මුදල් බැර කරන්න.