පටිගත කිරීම් හා ජුනි මස නව ධර්ම දේශනා

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් 2016 වෙසක් පුන් පොහෝ දින කරන ලද ධර්ම දේශනා දෙකක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත.

මේවා අපවෙත ලබාදුන් අමල් හා හර්ෂ යන මහතුන්ට මේ ධර්ම දානමය පින අයත් වේ.

ජුනි මාසයේ පැවැත්වෙන දේශනා 3 ක්

අන්තර්ජාල පහසුකම් නැති අය අතර මේ පණිවිඩය හැකිතාක් බෙදා හැර ඔබත් ධර්ම දානයට දායක වන්න.

  1. 2016-06-11 සෙනසුරාදා දින උදැසන 8 to 11 දක්වා, BMICH ප්‍රධාන ශාලාවේදී. ඇතුල්වීමේ පත්‍ර (pass) ලබාගත යුතුය. ඒවා පළමුවෙනිදා සිට නොමිලේ ලබා ගත හැකිය. ලබාගත හැකි ස්ථාන පහත චායාරූපයේ දක්වා ඇත. සංවිධායක: vishvaparami@gmail.com
  2. 2016-06-11 සෙනසුරාදා දින සවස ඇලන්මැතිනියාරාමය, පොල්හේන්ගොඩ පාර, කිරුලපන (උඩුවේ ධම්මාලෝක හිමි) යන ස්ථානයේදී පැවැත්වේ. Google Map Link. වැඩි විස්තර පසුව දන්වනු ලැබේ.
  3. 2016-06-12 ඉරිදා සවස 1.30 සිට 6.30 දක්වා රත්නපුර නව නගරයේ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. දේශනාවට පසුව ධර්ම සාකච්චාවක්ද සැලසුම් කර ඇත. මෙම දේශනාව සවස 1.30 සිට සජීවීව සරණ TV නාලිකාව ඔස්සේද විකාශය වේ. පහත චායාරූපයේ ද විස්තර ඇත.

cc

13268319_605167576327795_7650107652047609499_o