මැදින් පෝ දින දේශනාව

සුදස්සන හිමියන් විසින් ලබුනොරුව අරණ්‍යයෙදී පසුගිය පෝ දින පැවැත්වූ දේශනා 2ක් හා පෙබරවාරි මස ගාල්ලේදී පැවැත්වූ දේශනාව අපවෙත ලැබී ඇත. පහතින් ලබා ගන්න. ඒවා අපවෙත ලබාදුන් අමල් හා හර්ෂ මහතුන්ට මේ පින අයත් විය යුතුය.

  1. 2015-03-22 පෝ දින උදැසන සතිපට්ටාන දේශනාව
  2. 2015-03-22 පෝ දින සවස වේදනානුපස්සනා දේශනාව
  3. 2015-02-15 ගාල්ල දේශනාව (පටිගත කිරීම තරමක් අපැහැදිලිය)

මෙහි දෙවැනි දේශනාවේදී සඳහන් කරන රොබෝ කෙනෙක් ගැන උපමාවට අදාල වීඩියෝව අපවිසින් youtube එකට දමා ඇත. එය පහතින් බලන්න.

නිවන් මග පොත් මුද්‍රණය

අලුත් පොත් හෝ පරණ පොත් මුද්‍රණය කිරීම තාවකාලිකව නවත්වන ලෙස ස්වාමීන්වහන්සේ විසින් කරන ලද ඉල්ලීමට අනුව අපවිසින් ඒ කටයුතු නවතා ඇති බවද, පෙර මුද්‍රණය කල සියලු පොත් අවසන් වී ඇති බවද මෙයින් දැනුම් දෙන්නෙමු. පොත් ලබාගැනීමට හෝමාගමට පැමිණීමෙන් හෝ දුරකථන ඇමතුම් ලබාදීමෙන් වළකින්න (අන්තර්ජාල පහසුකම් නැති අයත් නිකරුනේ රස්තියාදු වීම වැළැක්වීමට ඔවුන්ටද පණිවිඩය යවන්න).

2015-02-22 පොත් මුද්‍රණය ගැන ස්වාමීන්වහන්සේගේ පණිවිඩය

ස්වාමීන්වහන්සේ විසින් පොත් මුද්‍රණ කටයුතු සඳහා විධිමත් වැඩ පිළිවෙලක් යොදා එය නැවත ආරම්භ කිරීමට අවසර දුන් පසු ඒගැන දැනුම් දෙන්නම්.