මාතර දේශනාවේ පටිගත කිරීම්

සුදස්සන හිමියන් විසින් 2016-02-15 දින මාතර කොටිකාගොඩ රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ඉතා වැදගත් දේශනාවේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. එය පහතින් ලබා ගන්න.

2015-02-15 මාතර කොටිකාගොඩ දේශනාව

මෙය අප වෙත ලබාදුන් මාතර මුනිදාස මහතා ඇතුළු සංවිධායක මහතුන්ට මේ ධර්ම දානමය පින අයත්විය යුතුය.

බසවක්කුලම ආරාමයට ආධාර කිරීම

මෙහි කුටි වල ගොඩනැගිළි ද්‍රව්‍ය සඳහා ආධාර කිරීමේ ලිපිය පළ කර සති කිහිපයක් ඇතුලත සියලුම කුටි (10) ලොව නන්දෙස පින්වතුන් හා පින්වතියන් විසින් භාරගත් බව දැනුම්දෙන්නේ සතුටිනි. සියලු දෙනා සතුටු සිතින් ඒ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු.

මේ පිලිබඳව වැඩි විස්තර සඳහා මේ donate පිටුවට පිවිසෙන්න. ඉතිරිව ඇති අමතර ද්‍රව්‍ය වියදම් සඳහා ඕනෑම අයෙකුට එහි සඳහන් මහජන බැංකු ගිණුම් අංකයට කැමති ආධාර ප්‍රමාණයක් තැම්පත් කළ හැකිය.

ආලෝකෝ උදපාදි සතිපට්ඨාන දේශනාව

භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ මේ දේශනා මාලාවේ සතිපට්ඨාන දේශනාවේ වීඩියෝ ශ්‍රව්‍යදුෂ්‍ය පටිගත කිරීම පහතින් ලබා ගන්න. හර්ෂ සිරිවර්ධන මහතාට මේ පින අයත් විය යුතුය.