නවම් පෝය දින දේශනා හා වෙනත් පුවත්

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් නවම් පෝය සිල් වැඩසටහන වෙනුවෙන් ලබුනොරුවේදී කල දේශනා ත්‍රිත්වයක් අප වෙත ලැබී ඇත.

2016 දේශනා වල පැහැදිලි පටිගත කිරීම්

කලින් වෙබ්අඩවියට දැමු 2016 දේශනා කිහිපයක හඬ අපැහැදිලි බවට පැමිණිලි ලැබුණෙන් ඒවා නැවත අලුත් කරන ලදී. නුවර දේශනා, මරදාන දේශනාව හා විදසුන් උපදෙස් දේශනාවේ හඬ අපැහැදිලි බවක් ඔබට දැනුනි නම් ඒවා නැවත භාගත (download) කරගන්න.

If you are recording a dhamma talks please use a lavalier microphone (also known as a lav, lapel mic, clip mic, body mic, collar mic, neck mic) for the best quality. Otherwise connect your recorder to the sound system.

පොත් මුද්‍රණය කිරීම නැවැත්වීම

පහත විශේෂ පණිවිඩය ස්වාමීන්වහන්සේ විසින් වෙබ් අඩවියේ පළකරණ ලෙස අප වෙත ලබා දෙන ලදී.

“මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ග්‍රන්ථ ප්‍රකාශනය (පොත් මුද්‍රණය) වඩා විධිමත්ව සංවිධානය කර නැවත අරඹන තුරු නැවත කණ්ඩායම් වශයෙන් හෝ පෞද්ගලිකව පොත් මුද්‍රණයෙන් වලකින්න. සැම දෙනාටම මේ පණිවිඩය යවන්න.”