නුවර භාවනා වැඩසටහනේ පටිගත කිරීම්

පෙබරවාරි 6 වැනි සෙනසුරාදා නුවර පැවති භාවනා වැඩසටහනේ සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ඉතා වැදගත් දේශනා දෙකේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න. වේදනානුපස්සනා හා පටිච්චසමුප්පාදය ගැන වැදගත් විග්‍රහයන් 2 ක් අඩංගුය

මේවා අප වෙත ලබා දුන් හර්ෂ හා චාමින්ද කලන මිතුරනටද, වැඩසටහන සංවිධානය කල පින්වතුන්ටද මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.

ආලෝකෝ උදපාදි දෙවැනි වැඩසටහන

සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පවත්වන ධර්ම විනය වැඩසටහන් මාලාවේ දෙවැනි වැඩසටහන නුවර වජිරාරාමයෙදී පෙබරවාරි 27/28 දෙදින තුළ පැවැත්වේ. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක වලින් සංවිධායක ස්වාමීන්වහන්සේලා අමතන්න: 0718395480, 0718444885

ඉඩකඩ සීමිතය. ඉඩකඩ අවසන් වුවහොත් ලබන මස මොනරාගල පැවැත්වෙන තුන්වැනි වැඩසටහනට සහභාගී විය හැකිය.

පළමු ආලෝකෝ උදපාදි වැඩසටහන ඇසුරෙන් සකස් කල පොත ගැන තව දින කිහිපයකින් විස්තර පළ කරනු ඇත.