CD තැටි හා සමාහිත ස්වාමීන්වහන්සේ

ධර්ම දේශනා CD තැටි හරහා බෙදා දෙමු

අතිපූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ ගේ මිළ කල නොහැකි ධර්ම දේශනා යම් අයෙකුට ධර්මදානමය කුසල කර්මයක් සඳහා බෙදා දීමට කැමැත්තේ නම් අවශ්‍ය පරිදි සකස්කර එහි නිෂ්පාදන වියදමට ම ලබාදීමට කලණ මිතුරු චාමින්ද මහතා කැමැත්ත පළ කර ඇත. අන්තර්ජාල පහසුකම් නොමැති ඈත පලාත්වල යම් අයකු වෙතොත් එක් අයෙකුට එක් සීඩී තැටියක් නොමිළයෙ තැපැල් මාර්ගිකව යැවීමටද ඔහු සුදානම් කර ඇත.

  • CD එකක් පිටපත් කර එහි මතුපිට කලාත්මකව මුද්‍රණය කර (උදාහරණ 2ක් පහත ඇත) සකස්කර ගැනීමට රු. 40/= (සීඩී එක + මතුපිට මුද්‍රණය + සීඩී කවරය )
  • DVD එකක් පිටපත් කර එහි මතුපිට කලාත්මකව මුද්‍රණය කර සකස්කර ගැනීමට රු.60/= (ඩීවීඩී + මතුපිට මුද්‍රණය + සීඩී කවරය)

මේ සියළු මිළ සඳහන් කිරීම් නිෂ්පාදන පිරිවැය පමණක් වන අතර ධර්මදානය උදෙසා බෙදා දීම පිනිස එකකට වඩා ලබා ගන්නේ නම් පමනි. චාමින්ද මහතා අමතන්න 0770769101 or cchaami@gmail.com

Capture2 Capture

සමාහිත ස්වාමීන් වහන්සේගේ ඕස්ට්‍රේලියාවේ දේශනා

සුදස්සන ස්වාමීන්වහන්සේගේ ගෝල ලබුනෝරුව කන්ද ආරන්‍ය වාසී පූජ්‍ය මාන්කඩවල සමාහිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ දිනවල ඔස්ට්‍රලියාවේ වැඩ වසන අතර උන්වහන්සේ විසින් පැකෙන්හැම් ධම්මදිප භාවනා මධයස්ථානයේදී පවත්වනු ලබන ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් මාලාව

වැඩසටහන දිනය ස්ථානය
භාවනා වැඩසටහන් ජනවාරි 23, 24, 25, 26 පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා – සහභාගී වන පින්වතුන් Dandenong ධම්ම දීප භාවනා මද්‍යස්ථානය (Tel – 97949492) අමතා ඔබගේ ස්ථානය වෙන් කරවා ගන්න. ධම්ම දීප භාවනා මද්‍යස්ථානය Pakenham
(320 Watson road Pakenham 3810
MEL 322 K7 ) (Tel – 97949492)
ධර්ම දේශනා
  • ජනවාරි 14 වන දින සිට මාර්තු 3 දක්වා සෑම බ්‍රහස්පතින්දා වකම  (Jan 14, Jan 21, Jan 28, Feb 4, Feb 11, Feb 18, Feb 25, March 3) පස්වරු 7.00 සිට පස්වරු 9.00 දක්වා
  • පහත සඳහන් සෑම සෙනසුරාදා දිනකම (Jan 16,30, Feb 6, 13, 20, 27, March 5) පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබේ මිතුරන් අතර මේ පණිවිඩය බෙදා හරින්න.

මෙවැනි ප්‍රවෘත්ති email මගින් ලබා ගැනීමට http://sudassana.org වෙත ගොස් subscribe වෙන්න.