මරදාන වැඩසටහනේ වීඩියෝ දර්ශන හා ත්‍රිපිටක සරළ සිංහල පරිවර්තන

මරදාන වැඩසටහනේ වීඩියෝ දර්ශන

2015 ජුනි 14 දින මරදාන Trace Expert City හිදී පැවැත්වුණු භාවනා වැඩසටහනේ දී සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්මදේශනා දෙකෙහි වීඩියෝ දර්ශන අප වෙත ලැබුණි.

ඒවා Youtube හරහා නැරඹීමට දන් හැකියාව ඇත -> https://goo.gl/JxW1HD

අන්තර්ජාලයේ පළකිරීම සඳහා මේ වීඩියෝ පට අප වෙත එවූ ධම්මික හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින් අයත්විය යුතුය. මේ ධර්ම දේශනා ඇසුරෙන් කළ සෝවාන් ඵලය පොත.

ත්‍රිපිටක සරළ සිංහල පරිවර්තන

බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමි ඇතුළු ධර්ම විනය උගත් පණ්ඩිත මහ ස්ථිවරයන් වහන්සේලාගේ අනුශාසකත්වය මත සකස් කෙරුණු දශක හයකට අධික දීර්ඝතම කාලයක් තිස්සේ භාවිතයේ පවතින ඒ. පි. සොයිසා ත්‍රිපිටක සරළ සිංහල පරිවර්තනය දැන් PDF ලෙස ලබාගත හැකිය. මුළු ත්‍රිපිටක පරිවර්තනයම 60MB පමණයි. ගෞරවයෙන් යුතුව පරිහරණය කරන්න -> http://www.mediafire.com/download/q6mcjc8jpo1dp8o/

ත්‍රිපිටක පාළිය හා මෙම සිංහල පරිවර්තනය යන දෙකම එකට අන්තර්ජාලය ඔස්සේ ද නැරඹිය හැකියි. පිටක.lk -> http://pitaka.lk/ වෙත පිවිසෙන්න. (විනය හා අභිධර්මය තවම ඇතුල් කර නැත). ඔබගේ වැදගත් අදහස් හා යෝජනා අපට දන්වන්න -> admin@pitaka.lk

මේ තරම් සරල නැතත්, භික්ෂුන් වහන්සේලා අතර ජනප්‍රිය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ද මිට පෙර අප විසින් බෙදා හරින්නට යෙදුනි. 900 MB වන එය මෙතැනින් ලබා ගන්න -> https://www.mediafire.com/folder/najd8hdk6bqqf/

දවසකට සූත්‍රය බැගින් කියවමු.

Designs 3