අලුත් දහම් පොත් දෙකක් නිකුත් වේ

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් සකස් කරන ලද අලුත් පොත් දෙකක් මේ දිනවල මුද්‍රණය වෙමින් පවතී. ඔබටත් පිටපත් අවශ්‍යනම් පහත දුරකථන අංක වලට දැනුම් දෙන්න.

නිවන වෙතටම දෙවැනි කොටස

මේ පොතේ පළමු කොටස මිට මාසයකට පමණ පෙර පළ කරන ලදී. මේ එහි දෙවැනි කොටසයි. ඔස්ට්‍රේලියාවේදී කරන ලද භාවනා වැඩසටහනක් ක්‍රමානුකුලව සකසා ඔබ අතට පත්කිරීමකි. පිටු 90ක් සහිත මේ වටිනා දහම් ග්‍රන්ථය කලන මිතුරෙකුගේ අනුග්‍රහය නිසා පිටපතක් රු 25 ක් බැගින් වන සේ අඩු මුදලකට ලබා ගත හැකිය. පොතේ අන්තර්ජාල සංස්කරණය. ඔබට අවශ්‍ය පිටපත් ප්‍රමාණය අසෝක මහතාට දැනුම් දෙන්න ->  0715328233

දස්සනං උදපාදී

මේ පොතද ඕස්ට්‍රේලියාවේ කරන ලද දේශනාවකි. පිටු 77කින් සමන්විත මේ පොතේ මුද්‍රණ වියදම රු 38 කි. පොතේ අන්තර්ජාල සංස්කරණය. පොතේ පිටපත් අවශ්‍ය අය මාතර මුනිදාස මහතා අමතන්න -> 0714438747

මිට අමතරව හඳපාන්ගොඩ ලක්මි කුරුප්පු මහත්මිය ඒ මහත්මිය විසින් සැකසූ ධම්ම චක්ඛුං උදපාදී පොත නැවත මුද්‍රණය කරන බව අප වෙත දන්වන්නට යෙදුනෙන් එහි පිටපත් අවශ්‍ය අය එතුමියට දැනුම් දෙන්න ->  lakme15@yahoo.com හෝ දුරකථන 0112-759074, 0774-969682