අලුතින් නිකුත් වන පොත්

සෝවාන් ඵලය අලුත් පොත

අසෝක මහතා විසින් සකස් කළ ජුනි 14 මරදාන දේශනාව ඇතුලත් “සෝවාන් ඵලය” නැමැති පොත මේ දිනවල මුද්‍රණය වෙමින් පවතී. එක් පිටපතක වියදම රුපියල් 22 කි. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය ජූලි 17 ට පෙර 0715328233 දුරකථන අංකය ඔස්සේ එතුමාට දැනුම් දෙන්න. පොතේ අන්තර්ජාල සංස්කරණය

කලින් නිකුත් වූ පොත්වල නැවත මුද්‍රණය

කලින් නිකුත් වූ සියලු පොත්වල PDF සියල්ල මෙතනින් ලබා ගෙන ඔබටද මුද්‍රණාලයක් හරහා නැවත මුද්‍රණය කළ හැකිය. ඉහත අසෝක මහතා මෙන් තවත් පින්වතුන් විශාල සංඛ්‍යාවක් ඒ කටයුත්තට සම්බන්ධ කර ගැනීමට කැමති නම් අපට පණිවිඩයක් එවන්න (path.nirvana@gmail.com). එය මේ වෙබ්අඩවිය හරහා මේ අයුරින් ප්‍රචාරය කළ හැකිය.

හෝමාගමින් දැනට ලබා ගත හැකි පොත්

මෙම පොත්වල සීමිත පිටපත් ගණනක් දැනට අප සතුව ඇත. අවශ්‍ය අයට ඒවා අවසන් වීමට පෙර පැමිණ ලබා ගත හැකිය. තැපෑලෙන් යවනු නොලැබේ.

  1. චෙතොවිමුත්ති – මුද්‍රණ වියදම රු 20
  2. එස මග්ගෝ විසුද්ධියා – මුද්‍රණ වියදම රු 55
  3. නියතෝ සම්බෝධි පරයනෝ – (එක් පොතක් පමණි – නොමිලේ)
  4. සම්මා දිට්ටි – (එක් පොතක් පමණි – නොමිලේ)
  5. දහම් ඇස – (එක් පොතක් පමණි – නොමිලේ) – වැඩිපුර අවශ්‍ය නම් ඔබේ නම මෙහි ඇතුලත් කරන්න