“නියතෝ සම්බෝධි පරායණෝ” අලුත් පොත

2014 වර්ෂයේ දෙසැම්බර් මස ලබුනොරුවකන්ද ආරණ්‍යයේ දී භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ දේශනා මාලාවක් ලිඛිත මාධ්‍යයෙන් ඔබ වෙත ගෙන එන පිටු 278 කින් යුතු මෙම පොත මේ වන විට නුගේගොඩ කොලිටි ප්‍රින්ටර්ස් වෙත මුද්‍රණයට බාර දී ඇත.

පොතේ අන්තර්ජාල සංස්කරණය PDF ලබාගන්න

මාතර මුනිදාස මහතා විසින් සකස් කළ මේ පොතේ මුද්‍රණ වියදම රුපියල් 92 ක් බව ඒ මහතා විසින් මට දැනුම් දෙන්නට යෙදුනි. ඔබටත් මේ පොතේ පිටපත් විශාල සංඛ්‍යාවක් නොමිලයේ බෙදා දීමට අවශ්‍ය නම් දැන්මම ඒ මහතාට පහත දුරකථන අංකය ඔස්සේ දන්වන්න ->  071 4438747

භවයෙන් මිදීමට පොත

තිඹිරිගස්යාය අශෝක පියසේන මහතා විසින් සකස් කර මුද්‍රණය කරවූ ‘භවයෙන් මිදීමට’ නමැති පොතේ අන්තර්ජාල සංස්කරණය ඒ මහතා විසින් අප වෙත එවන්නට යෙදුනෙන් අප විසින් එය පහතින් පළ කරන ලදී.

භවයෙන් මිදීමට PDF

ඒ පොතේ මුද්‍රිත පිටපතක් අවශ්‍ය අයට පහත දුරකථනය ඔස්සේ එතුමාව සම්බන්ධ කරගත හැකියි -> 071 5328233

ඕස්ට්‍රේලියාවේ කළ ධර්ම දේශනා

අදින් අවසන් වන සුදස්සන හිමියන්ගේ ඕස්ට්‍රේලියානු ධර්ම දේශනා මාලාවේ තවත් බොහෝ දේශනා මේ වන විට වෙබ්අඩවියට ඇතුලත් කර ඇත.

මේ දේශනා මාලාව සංවිධානය කළ, ඒ දේශනා පටිගත කළ හා පටිගත කිරීම් අප වෙත ලබා දුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් කළ යුතුය.

ඉහත මහත්මාවන් වැනි කලන මිතුරන් විසින් ලබා දෙන ආදර්ශය අනුව යමින් ධර්මය තවත් නොයෙක් ක්‍රම වලින් පින්වත් ජනයා අතර බෙදා හැරීමට සෑම දෙනම උනන්දු වෙත්වා.

පොත් විශාල ප්‍රමාණයක අන්තර්ජාල සංස්කරණ (PDF) වෙබ්අඩවිය ට ඇතුළු කර ඇති බැවින් ඒවා හැකි පරිදි ධර්මයේ හැසිරෙන ධර්මය සොයන අය අතර බෙදා හරින්න.