දහම් ඇස – New Book

2011 වර්ෂයේ දී පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමියන් විසින් මහා සතිපට්ඨාන සුත්‍රය ඇසුරෙන් කළ සර්වරාත්‍රික දේශනයේ කායානුපස්සනාව කොටස සහ තවත් වැදගත් ධර්ම දේශනා දෙකක එකතුවක්, “දහම් ඇස” නමැති මේ ග්‍රන්ථයට ඇතුලත් කර ඇත. ත්‍රිපිටකානුකුල සති නිමිත්තේ සිත පිහිටුවාගෙන ආනාපානසති භාවනාව සිදු කරන නිවැරදි ආකාරය හා වර්තමානයේ බොහෝ විට වරදවා භාවිතා වන සංකල්පයක් වන “අනිත්‍ය” වචනයේ ධර්මානුකුල ගැඹුරු අරුත විවරණය වන බැවින් බෙහෙවින් කාලෝචිත බව අපගේ හැඟීමයි. අප්‍රමාදී බවේ වැදගත් බව දැක්වෙන සරල දේශනයක් පලවෙනි පරිච්ඡේදය සඳහා යොදාගෙන ඇති බැවින්  මෙම ග්‍රන්ථය  ඕනෑම අයෙකුට සුදුසු විය හැක.

පොතෙහි අන්තර්ජාල සංස්කරණය මෙතනින් ලබාගන්න.

දැනට මුද්‍රණය සඳහා භාර දී ඇත. එක් පොතක් හෝ දෙකක් පැමිණ නොමිලයේ ලබාගත හැකිය. ඔබගේ නෑ හිතමිතුරන් අතර බෙදාහැරීමට පොත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය නම් මේ අවස්ථාවේදීම මුද්‍රණාලයට දැන්විය හැකිය. පිටු 138 ක් සහිත මෙහි එක් පිටපතක් සඳහා මුද්‍රණ වියදම රු. 58 ක් වුවත් කටුගම්පොල මැතිනිය ධර්ම දානය පිණිස රු. 50 බැගින් ඒවා ලබා දීමට එකඟ වී ඇත. අවශ්‍ය පොත් ප්‍රමාණය සඳහන් කර මට පණිවිඩයක් එවන්න – path.nirvana @ gmail.com

හැකිතාක් මෙම දහම් පණිවිඩය බෙදා හැරීමෙන් ඔබටත් මෙම ධර්ම දානයට දායක විය හැක.

cover

ඉමස්මිඤ්ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධධම්මන්’ති.

මේ ධම්මචක්ක දේශනය වදාරණ කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට ‘හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද, හේතූන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ල ම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත ය’යි කියා කෙලෙස් දුහුවිලි රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම් ඇස පහළ විය.

– ධම්මචක්කප්පවත්තන සූත්‍රය –