සම්මා දිට්ඨි සුත්‍රය – දෙවැනි මුද්‍රණය

මිට සති කිහිපයකට ඉහතදී කරන ලද පොත් 3000 ක් වූ පළමු මුද්‍රණයේ පොත් සියල්ල අවසන් විය.
සුදස්සන ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම පරිදි ලබුනොරුව ආරණ්‍යයේ සිල් සමාදන් වන පිරිසටද නොමිලේ පොත් ලබාදීම අරමුණු කරගෙන දෙවැනි මුද්‍රණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඔබගේ නෑ හිතමිතුරන් අතර ධර්ම දානයක් බෙදාහැරීමට අවශ්‍ය නම් මේ අවස්ථාවේදීම මුද්‍රණාලයට දැන්විය හැකිය. පිටු 275 ක් සහිත මෙහි එක් පිටපතක් සඳහා වියදම රු. 97 කි. අවශ්‍ය පොත් ප්‍රමාණය සඳහන් කර මට පණිවිඩයක් එවන්න -> sudassana.org/contact-us
දැනට පොත් ඉල්ලුම් කර ඇති ප්‍රමාණයන් -> http://goo.gl/TjshUd

ඔබට අවශ්‍ය එක් පොතක් පමණක් නම් එය පැමිණ හෝ තැපෑලෙන් රු 110ක මුද්දර සහිත ලිපියක් එවීමෙන් නොමිලයේ ලබාගත හැකිය. සැප්තැම්බර් මස අග වන විට පොත මුද්‍රණාලයෙන් ලැබෙනු ඇත.

පොතෙහි අන්තර්ජාල සංස්කරණය මෙතනින් ලබාගන්න.

හැකිතාක් මෙම දහම් පණිවිඩය බෙදා හැරීමෙන් ඔබටත් මෙම ධර්ම දානයට දායක විය හැක.

Samma Ditti - curved