සම්මා දිට්ඨි සූත්‍රය – වටිනා දහම් පඬුරක්

2011 වර්ෂයේ දී ශ්‍රීලංකාවේ බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ විකාශය වූ පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරෙන් කල දේශනා 16 ඇසුරෙන් සකස් කරන ලද මෙම පොතෙහි දිට්ඨි සම්පන්න වීමට උපකාර වන පරියාය දහසයක් ඇතුලත් කර ඇත. බෞද්ධ දර්ශනය තුල බහුලව යෙදෙන, වර්තමානයේ බොහෝ විට වරදවා භාවිතා වන සංකල්ප බොහොමයක් සරල උදාහරණ අනුසාරයෙන් මෙම පොතෙහි විස්තර කර ඇති බැවින් අවධානයෙන් යුතු ව කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබාගත හැකි බව අපගේ හැඟීමයි.

පොතෙහි අන්තර්ජාල සංස්කරණය මෙතනින් ලබාගන්න.

පිරිසිදු ධර්ම දානයක් ලෙස පොත නොමිලයේ බෙදාදීම සඳහා දැනට මුද්‍රණය සඳහා භාර දී ඇත. ඔබගේ නෑ හිතමිතුරන් අතර බෙදාහැරීමට පොත් අවශ්‍ය නම් මේ අවස්ථාවේදීම මුද්‍රණාලයට දැන්විය හැකිය. පිටු 275 ක් සහිත මෙහි එක් පිටපතක් සඳහා වියදම රු. 97 කි. අවශ්‍ය පොත් ප්‍රමාණය සඳහන් කර මට පණිවිඩයක් එවන්න -> sudassana.org/contact-us

හැකිතාක් මෙම දහම් පණිවිඩය බෙදා හැරීමෙන් ඔබටත් මෙම ධර්ම දානයට දායක විය හැක.

Samma Ditti - curved